SQL හි ROW Type සහ COLUMN Type Objects
SQL හි, object types යනු structured data සංවිධානය කිරීමට සහ ඒවා සම්බන්ධ කර තබා ගැනීමට භාවිතා කරන විශේෂ වර්ගයකි. මෙහිදී ROW, COLUMN, සහ අනෙකුත් object types භාවිතා වේ.

ROW Type Objects
ROW type object එකක් කියන්නේ table එකක එකම පේලියක් නියෝජනය කරන object එකක්. මෙය එක් පේලියක ඇති සියලුම දත්ත එකතු කර තබා ගැනීමට භාවිතා වේ.
ROW Type Object එකක් නිර්මාණය කිරීම
ROW type object එකක් නිර්මාණය කිරීමට, ඔබට අදාළ entity එකේ දත්ත ක්ෂේත්‍ර සදහන් කරන නව type එකක් නිර්මාණය කළ යුතුයි.
CREATE TYPE EmployeeRow AS OBJECT (
ID NUMBER,
Name VARCHAR2(50),
Age NUMBER
);
මෙහිදී:
- EmployeeRow කියන්නේ ROW type object එකේ නමයි.
- මෙය තුළ ID (සංඛ්‍යායක්), Name (අක්ෂර 50ක් දක්වා ඇති විචල්‍ය අක්ෂර පෙළක්), සහ Age (සංඛ්‍යායක්) යන ක්ෂේත්‍ර තුනක් අඩංගු වේ.
ROW Type Object එකක් Table එකක් තුළ භාවිතා කිරීම
ROW type object එකක් නිර්මාණය කළ පසු, එය table එකක් නිර්මාණය කිරීමට භාවිතා කළ හැක.
CREATE TABLE Employees OF EmployeeRow;
COLUMN Type Objects
COLUMN type object එකක් කියන්නේ table එකක තනි තීරුවක් නියෝජනය කරන object එකක්. මෙය තීරුවක ඇති දත්ත වර්ගය සහ සීමා නියම කිරීමට භාවිතා වේ.
COLUMN Type Object එකක් නිර්මාණය කිරීම
COLUMN type object එකක් නිර්මාණය කිරීමේදී, ඔබට අදාළ දත්ත වර්ගය සහ constraints සදහන් කරන නව type එකක් නිර්මාණය කළ යුතුයි.
CREATE TYPE AgeColumn AS OBJECT (
Age NUMBER
);
මෙහිදී:
- AgeColumn කියන්නේ COLUMN type object එකේ නමයි.
- මෙය Age කියන සංඛ්‍යා දත්ත ක්ෂේත්රයක් අඩංගු වේ.
COLUMN Type Object එකක් Table එකක් තුළ භාවිතා කිරීම
COLUMN type object එකක් භාවිතා කර table එකක් නිර්මාණය කළ හැක.
CREATE TABLE Employees (
ID NUMBER,
Name VARCHAR2(50),
Age AgeColumn
);
මෙහිදී:
- Employees table එකේ Age කණුව AgeColumn type එකේ වේ.
© Nisal Gunawardhana
Enjoyed this? Follow me on Medium.
New articles on AI, cloud, GitHub and building software.